කොප් 27 සමුළුවේදී ජනපතිගෙන් යෝජනාවක්

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේත් ඊට අනුබද්ධ ආයතනයක් මාලදිවයිනේත් පිහිටුවන්න - ජනපති

by Staff writer 08-11-2022 | 9:30 PM

COLOMBO (News 1st) - දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේත් ඊට අනුබද්ධ ආයතනයක් මාලදිවයිනේත් පිහිටුවන ලෙස, ඊජිප්තුවේ පැවැත්වෙන 27 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා යෝජනා කරයි.

කොප් 27 හෙවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ 27වන සැසිවාරයේ රාජ්‍ය නායකයින්ගේ දේශන අද පැවැත්විණි.