අද (8) අර්ධ චන්ද්‍රග්‍රහණයක්

අද (8) අර්ධ චන්ද්‍රග්‍රහණයක්

by Staff writer 08-11-2022 | 4:12 PM

COLOMBO (News1st) :  මෙරට වැසියන්ට අද (8) දිනයේ අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 

ඔහු පැවසුවේ,  නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට චන්ද්‍රයා උදාවීමත් සමග 6.19 දක්වා  ශ්‍රී ලාංකිකයින්ට මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය නැරඹීමට හැකියාව පවතින බවයි.

මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවුසවේ, මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ලොව බොහෝ රටවලට දිස්වන බවයි. 

පස්වරු 1.31ට ආරම්භ වන ග්‍රහණ මධ්‍ය පසුවරු  4.29ට විනාඩි 85ක් කාලයක් පූර්ණ චන්ද්‍රගණය පවතින අතර ග්‍රහණයේ අවසානය 7.26ටයි.  
යළි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෝකයට දිස් වන්නේ, 2025 මාර්තු 14 වැනිදා බවත් මහාචාර්යවරයා පැවසී ය.