.webp)
COLOMBO (News 1 st ) - 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසයි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවය.
සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේදී පැවැත්වුණ අතර දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844 කදී විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ 17,486 කි.