by Staff writer 07-11-2022 | 12:04 PM
COLOMBO (News 1 st) - වෙළෙඳපොල තුළ බිත්තර හිඟයක් ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.
පවතින ආර්ථික තත්ත්වය සහ සත්ත්ව ආහාර මිල අධික වීම නිසා මේ වනවිට කුකුළු ගොවිපල 50%ක් පමණ වැසී ගොස් තිබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ජනවාරි මාසය තෙක් කුකුළු මස් හිඟයකින් තොරව ලබාදීමට හැකියාව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.