ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණයට..

ධනුෂ්ක ගුණතිලකගේ ඇප අයැදුම විභාගයට පෙර නඩුව කෙටි වේලාවකට කල් තබයි - ඔස්ට්‍රේලියා මාධ්‍ය

by Staff writer 07-11-2022 | 9:53 AM

COLOMBO ( News 1st ) –  ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණ ඔස්සේ අද (07)සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බවය.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආනන්ද අමරනාත් අධිකරණයනේ ඔහුට ඇප ඉල්ලීමක් කර තිබේ. 

මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් ඇප අයැදුම විභාගයට ගැනීමට පෙර නඩුව කෙටි වේලාවකට කල්තබා ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කළේ ය.