.webp)
COLOMBO (News 1st) – ඊජිප්තුවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොප් COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
කොප් COP-27 සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් හිදී පෙරේදා ආරම්භවිය.
ඊට සමගාමීව පැවැත්වෙන ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිතයි.
මේ අතර ජනාධිපතිතුමා ඊජිප්තුවේ, කයිරෝ නුවරදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවී සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා රජය ජාතික පරිසර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කර ඇත.