සිම්බාබ්වේට එරෙහිව ඉන්දියාවට පහසු ජයක්..

සිම්බාබ්වේට එරෙහිව ඉන්දියාවට ලකුණු 71ක පහසු ජයක්..

by Staff writer 06-11-2022 | 5:49 PM

COLOMBO (News 1 st ) –  2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ඉන්දියාව ලකුණු 71 කින් ජය ගත්තේ ය .

ලකුණු 187ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 115 ක් පමණි.  

මෙල්බන්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කළේ ය.

ලෝකේෂ් රාහුල් සහ විරාත් කෝලි දෙවැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගුවේ ය. 

රාහුල් ලකුණු 51ක් රැස් කළේ ය. 

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුර්ය කුමාර් යාදෙව් නොදැවී ලකුණු 61 රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක්ද සමගින් ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ පළමු කඩුලු තුන බිඳ වැටුණේ ලකුණු 28 කදී ය.

වෙස්ලි මධවේරේ සහ රෙජිස් චකබ්වා ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියේ ය.

ශෝන් විලියම්ස් ලකුණු 11කි.