පුහුණු ශ්‍රමිකයින්ට ද. කොරියාවේ ධීවර රැකියා අවස්ථා

පුහුණු ශ්‍රමිකයින්ට ද. කොරියාවේ ධීවර රැකියා අවස්ථා

by Staff writer 06-11-2022 | 1:55 PM

COLOMBO ( News 1 st ) - ධීවර කර්මාන්තයේ පළපුරුද්ද සහිත ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා විවෘත කරදීමට රජයේ අවධානය යොමු වී  තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ, මේ  සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ දකුණු කොරියානු බලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්  වූ බවයි.

ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද දෙපාර්ශවයේ අවධානය යොමුව  තිබේ.