පකිස්ථානය Semi Final යයි..

පකිස්ථානය Semi Final යයි..

by Staff writer 06-11-2022 | 6:04 PM

COLOMBO (News 1 st ) – පකිස්ථානය  2022 පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ බංග්ලාදේශය එරෙහි තරගය කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 127 රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී නියමිත ඉලක්කය පසු කළේ ය.