.webp)
COLOMBO (News 1 st ) – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තරගය නෙදර්ලන්තය ලකුණු 13කින් පෙරළිකාර ජයක් වාර්තා කළේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158කි.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 145ක් පමණි.
දකුණු අප්‍රිකාව නෙදර්ලන්තය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයත් සමග ඉන්දියාවට දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව හිමිවිය.