.webp)
COLOMBO (News 1 st ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවේ, කයිරෝ නුවරදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවී තිබේ.
ඒ, COP 27 සමුළුවට සහභාගීවීමට ගිය අවස්ථාවේදී ය.
ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමිසිංහ මහතා එහිදී අන්තෝනියෝ ගුටේරස් මහතාව දැනුවත් කර තිබේ.
ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh)හිදී නොවැම්බර් 6 සිට 18 දක්වා COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව පැවැත්වෙනු ඇති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා දේශගුණික විපර්යාස ගැටලු පිළිබඳ සමුළුවේ කටයුතු සඳහා 07 සහ 08 දෙදින තුළ සහභාගී වන අතර එම සමුළුව ඇමතීමට ද නියමිත ය.
මෙයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද සහභාගී වනු ඇත.
COP 27 හි දී, පැරිස් ගිවිසුම සහ සම්මුතිය යටතේ එකඟ වූ පරිදි ලෝකයේ සාමූහික දේශගුණික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට රටවල් එකතු වේ.
පසුගිය වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ (Glasgow) හි පැවැති COP 26 හි සමුළුවේදී සාකච්ඡා කළ සම්මුතීන් පැරිස් ගිවිසුමට අනුකූලව ඉටු කර ගැනීමට හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත ය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහූ ද මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා එක්වූහ.
Online ක්‍රමයට පහසුකම් සලසා ඇති බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) කිසිදු මාධ්‍ය නිලධාරියෙකු ඡායාරූප ශිල්පියෙකු හෝ වීඩියෝ ශිල්පියෙකු මෙම සමුළුවට සහභාගී නොවනු ඇත.
කෙසේ වෙතත්, අදාළ තොරතුරු හා ප්‍රවෘත්ති නිවේදන දේශීය මාධ්‍ය ආයතනය වෙත බෙදා හැරීමට ජනාධිපති මාධ්‍ය අංශය(PMD) විසින් සියලු කටයුතු සූදානම් කර ඇත.