සිසුවෙකුට වෙඩි වැදීම:SI යළි රිමාන්ඩ්

මාතරදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියේ SI යළි රිමාන්ඩ්: සිසුවා තවමත් ICU

by Staff writer 04-11-2022 | 8:50 PM

COLOMBO (News 1st) - මාතර, තිහගොඩදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා ලබන 18 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

ඒ, ඔහු අද (04) මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අද හඳුනා ගැනීමේ පෙරට්ටුකට ඉදිරිපත් කළ අතර සිදුවීමට අදාළව සිසුන් 04 දෙනෙකු විසින් ඔහු හඳුනා ගනු ලැබීය. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 15 හැවිදිරි හරේෂ් හංසක දේශාන්ත සිසුවා මේ වන විටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මාතර, තිහගොඩ, මිදෙල්ලවල අතුරු මාර්ගයකදී පසුගිය 28 වැනි දා පස්වරුවේ මෙම වෙඩි වැදීම සිදු විය.