.webp)
COLOMBO ( News 1 st ) - මිල සූත්‍රය අනුව ගෑස් මිල සංශෝධනය වන නිසා අලෙවි නියෝජිතයින් තොග මිලදී නොගැනීම මතුව ඇති ගෑස් හිඟයට හේතුව බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා අද උදෑසන මාධ්‍ය හමුවකට එක්වමින් පැවසුවේ නව මිල සංශෝධනයන් පිළිබඳව ලබන ඉරිදා දැනුම් දෙන බවයි.
මිල සුත්‍රයට අනුව මිල වෙනස්වීම නිසා ඇතැම් අලෙවි නියෝජිතයින් ගෑස් තොග මිලට ගැනීමට මැලිකමක් දක්වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, 2024 අප්‍රේල් දක්වා කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයීමට හැකි බවයි.