නවසීලන්තය අවසන් පූර්ව වටයට

අයර්ලන්තය පරාජය කළ නවසීලන්තය අවසන් පූර්ව වටයට

by Staff writer 04-11-2022 | 2:25 PM

COLOMBO (News 1st) -  අයර්ලන්තයට එරෙහි තරගය ලකුණු 35 කින් ජය ගත්  නවසීලන්තය අද  20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබී ය.  

ඇඩිලේඩ්හීදි පැවැති තරගයේ කාසිය වාසිය දිනූ, අයර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පන්දුවට  පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 185කි.

නායක කේන් විලියම්සන් පන්දු 35කදී ලකුණු 61ක් රැස් කළේ ය.

අයර්ලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජොෂ් ලිට්ල් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්‌තේ ය.
එය තරගාවලිය තුළ වාර්තා වූ දෙවන කඩුලු ත්‍රිත්වයයි.
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 150ක් පමණයි.

පෝල් ස්ටර්ලින් පන්දු 27කදී ලකුණු 37ක් රැස් කළේ ය.

නවසීලන්තය වෙනුවෙන් ලොකී ෆර්ගසන් කඩුලු 3යි.