.webp)
පොලිසිය පැවසුවේ, 29 හැවිරිදි දෙදරු මවක් මෙලෙස මිය ගොස් ඇති බවයි.
පළමු විවාහයෙන් වෙන්වි සිට ඇති අදාළ කාන්තාව දෙවැනි විවාහක සැමියා සමග අදාළ නිවසේ වාසය කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, පෙරේදා රාත්‍රී නිවසේ විදුලි පහන් දල්වා නොතිබූ බැවින් ඇයගේ මව නිවසට ගොස් විපරම් කර බැලීමේදී ඉදිරිපස දොරට ඉබ්බෙක් දමා තිබී ඇති බව ත් පසුව එය ඉවත් කර දොර හැර බලන විට දියණියගේ සිරුර ඇඳ මත තිබෙනු දැක ඇති බවත් ය.
මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, අදාළ කාන්තාවගේ දෙවන විවාහක සැමියා දින කිහිපයක සිට අතුරුදන් බවයි.
පළමු විවාහයේ දරුවන් දෙදෙනා ඒ අසල පිහිටි මියගිය කාන්තාවගේ මව්පියන් ජීවත් වන නිවසේ වාසය කර ඇති බව ද අප වාර්තාකරු පැවසී ය.