ශ්‍රී ලංකාවට යළිත් 'අසූර් එයාර්' ගුවන් ගමන්

රුසියාවේ 'අසූර් එයාර්' ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

by Staff writer 03-11-2022 | 1:41 PM

COLOMBO (News 1st) - රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය වන අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ. 

කටුනායක ගුවන්තොටුපළේ,  කාර්යභාර නිලධාරිවරයා  සඳහන් කළේ,  අද උදෑසන 9.47 ට රුසියාවේ සිට එම ගුවන් යානය  කටුනායක ගුවන්තොටුපළට පැමිණි බවයි.

අදාළ යානයෙන් මෙරටට පැමිණ ඇති මගීන් සංඛ්‍යාව 335 කි. 

ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ,  සතියකට ගුවන්ගමන් වාර  04 ක් එම ගුවන් සමාගම විසින් සිදුකරනු ලබන  බවයි.

ඒ අනුව සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්වලදි එම ගුවන්ගමන් සිදු කෙරෙනු ඇති.

රුසියානු සංචාරකයින්ට මෙරටට පැමිණීමට වැඩි අවස්ථාවක් ලබා දෙමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මකයි.