.webp)
COLOMBO (News 1st ) - දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ප්‍රමාද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
අදාළ යෝජනා අතරින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවත්, බැංකු කටයුතු සහ මුල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණ කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යන සභා පත් කිරීමට යෝජනා වුවත්, එය මෙතෙක් සිදුවී නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මීට අමතරව ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් 5 දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද, ක්‍රියාත්මකව නොමැති බව ජනාධිපතිවරයා කතානායකවරයාට යොමුකල ලිපියේ දැක්වේ.
එහි දැක්වන්නේ ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, ඒ සඳහාද සභාපතිවරු පත්කර නොමැති බවය.