ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීමක්..

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීමක්..

by Staff writer 03-11-2022 | 5:25 PM
COLOMBO (News 1st) –   දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පකිස්ථානයේ ගුජ්රන්වාලා ප්‍රදේශයේ පැවති රැළියක දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ ඔහු මේ වනවිට ලාහෝර් නුවර රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙඩි තැබීමෙන් ඉම්රාන් ඛාන්ගේ තෙරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ෆයිසාල් ජාවෙඩ් ඇතුළු සිව්දෙනෙකු ද තුවාල ලබා තිබේ. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ශරීෆ් වහාම වාර්තාවක් ලබා දෙන්නැයි ආරක්ෂක අමාත්‍යවරයාට සහ පන්ජාබ් ප්‍රාන්ත පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවකින් ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයෙන් පහ කෙරිණි.