.webp)
COLOMBO (News 1st) - හිටපු අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුරාධපුර අටමස්ථානාධිපති ධුරය සඳහා අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත්කර තිබේ.
අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීරණයකට අනුව උන්වහන්සේ එළැඹෙන 11 වැනිදා එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඉතා චාම්ලෙස සිය ධුරයෙහි වැඩ භාරගන්නා බවත්, එම අවස්ථාවට දේශපාලනඥයින් හෝ වෙනත් ප්‍රභූන් කිසිවෙකුටත් ආරාධනා නොකරන බවත්, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අභිනව අටමස්ථානාධිපති හිමියන් සදහන් කළේය.