.webp)
COLOMBO (News 1st) – රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලිය සහ පා ගමන මරදානෙන් ආරම්භ විය.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, 43 වන සේනාංකය, නිදහස් ජනතා සභාව ඇතුළු දේශපාලන පක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 150 කට ආසන්න සංඛ්‍යාවක් විරෝධතාවට සහය පළ කර තිබේ.
පිරිස මරදානේ සිට කොළඹ කොටුව දුම්රියපොළ දක්වා පා ගමනින් ගොස් එහි විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.