.webp)
COLOMBO (News 1st) බංග්ලාදේශයට එරෙහිව ඉන්දීය කණ්ඩායම, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 5කින් අද(02) ජය ගත්තේ ය.
ඇඩිලේඩ්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 184කි.
ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සහ විරාත් කෝලි, දෙවැනි කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගුවේ ය.
ලෝකේෂ් රාහුල් පන්දු 32කින් ලකුණු 50යි.
සූර්ය කුමාර් යාදෙව් ලකුණු 30ක් රැස් කළේ ය.
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පන්දු 44 කින් ලකුණු 64ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම 4 පහර 8ක් සහ 6 පහරකින් වර්ණවත් විය.
හසාන් මහමුද් කඩුලු 3යි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලිටන් ඩාස් සහ නජ්මුල් හුසේන් ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේ ය.
ලිටන් ඩාස් ලකුණු 60යි.
පන්දුවාර 7ක් අවසානයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා බංග්ලාදේශයට පන්දුවාර 16කදී හිමි වූ ඉලක්කය ලකුණු 151කි.
එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 145ක් පමණි.