.webp)
ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම ඇතුළු රැසක ආනයන සීමා මේ යටතේ ඉවත් කරන බවයි.
මුදල් අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ තිබෙන්නේ අදාළ ක්ෂේත්‍රවල නියෝජිතයින් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම් සලකා බලමිනි.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රටතුළ පවතින ඩොලර් හිඟය ඇතුළු ආර්ථික අර්බුදය පිළිබඳ සලකා බලා භාණ්ඩ 2000 ක් ආනයන සීමා කිරීමට පසුගිය අගෝස්තු 23 වැනි දා පියවර ගත් බවයි.
ඉන් 700 ක තහනම පසුගිය සැප්තැම්බර් මාසයේ 9 වැනි දා ඉවත් කළේ ය.