.webp)
COLOMBO (News 1st) – ඇමෙරිකාව විසින් මෙරටට පරිත්‍යාග කරන ලද P 627 ගැඹුරු සාගර ආවේක්ෂණ නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.
නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ඇමෙරිකානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එම නෞකාව මෙරට නාවික හමුදාවට ප්‍රදානය කළ බවයි.
නෞකාව පිළි ගැනීමේ උත්සවයක් කොළඹ වරායේ පැවැත්විණ.
මෙරට අන්‍ය ආර්ථික කලාපයේ ඇති සාගර සම්පත් ආරක්ෂා කිරීම , සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරිම නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම ඇතුළු කාර්යයන් රැසක් එම නෞකාවෙන් සිදු කිරීමට අපේක්ෂිත බව නාවික හමුදාව සඳහන් කළේ ය.