.webp)
COLOMBO (News 1st) - මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර දින 02 ක් ඇතුළත දුම්රිය පීලි පැනීම් 03 ක් වාර්තා විය.
එහි ආසන්නතම සිදුවීම ලෙස කන්කසන්තුරේ සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදි අද(02) දහවල් පීලි පැනිමකට ලක්වූ බව දුම්රිය පාලක මැදරිය සදහන් කළේය.
ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා මතුවිය.
මේ අතර මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක් සහ තවත් බලවේග කට්ටල දුම්රියක් ද, ඊයේ(01) පීලි පැනීමකට ලක් විය.
සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම්, සුමේධ සෝමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, පීලිපැනීමට හේතු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි, ඩබ්ලිව්.ඩී .එස් ගුණසිංහ මහතා සඳහන් කළේ, ඊයේ පීලි පැනිමට ලක්වූ එක් දුම්රියක පෙට්ටියක පවතින ගැටළුවක් හේතුවෙන්
මෙය සිදුව ඇති බවයි.
අනෙක් දුම්රිය පීලි පැනීමට හේතු මෙතෙක් අනාවරණ වී නැතැයි, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.