.webp)

COLOMBO (News 1st) – හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද ජීවිතාන්තය දක්වා සිර දඬුුවම් නියම කරනු ලැබී ය.
එම චෝදනාවට අමතරව හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කරණු ලැබු ඔහුට රැපියල් 25000 ක දඩයක් ද විනිසුරුවරයා නියම කළේ ය.
2016 ජූනි මස 29 වැනිදා මහාබාගේ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4යි ක් සමග එම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යංශයයි.
පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව නිගමනය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.
