කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

කාර්මික දෝෂයකින් කුකුළේගඟ වාන් දොරටු විවෘත වෙයි..

by Staff writer 01-11-2022 | 11:30 AM

COLOMBO (News 1st) - කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ නිසා තත්පරයට ඝන මීටර් 500ක පමණ විශාල ධාරාවක් පහළට ගලාගෙන එන බවයි.

මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිතව බුලත්සිංහල, අයගම සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්ෂණික ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.