21 අද (31) සිට බලාත්මකයි

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මකයි

by Staff writer 31-10-2022 | 12:32 PM

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මකයි.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද  පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කිරීමත් සමගයි. 

22  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වැනිදා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමතිය ලබාගැනීම සිදුවිය. 

22 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණේ,  පසුගිය ඔක්තොබර් 20 සහ 21 යන දෙදිනයි.

දෙවන වර කියවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබිණ. 

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවන වර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද හිමිවිය.

ඒ අනුව 22 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 21 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද සිට බලාත්මක වනු ඇති.