.webp)
COLOMBO (News 1st) – ෆයිසර් මාත්‍රා මිලියන 7ක පමණ තොගයක් අද(31) දිනයේ කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, අද දිනය තුළ වුවද පැමිණ අදාළ එන්නත ලබා ගත හැකි බවයි.
අද රාත්‍රී 12.00 ට ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වෙයි.
මේ වන විට මෙරට ජනතාවගෙන් 52% ක් පුර්ණ එන්නත් කරණයට ලක්වී ඇති බව සඳහන් ය.
කෙසේනමුත් සයිනෝෆාම් එන්නත් භාවිත කිරීමට මෙරට ජනතාවට තවමත් හැකිව පවතින බව විශේඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ය.