සෝමාලියාවේ බෝම්බ පිපිරීම්වලින් 100 ක් මරුට

සෝමාලියාවේ බෝම්බ පිපිරීම්වලින් 100 ක් මරුට

by Sagarika Chathumali 31-10-2022 | 8:53 AM

COLOMBO (News 1st) – සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 100 දෙනෙකු  පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. 

එරට ජනාධිපතිවරයා පවසන්නේ, අගනුවර කාර්යබහුල මංසන්ධියක සිදු වූ මෙම බෝම්බ පිපිරීම්වලින් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි. 

මේ අතර තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සහය වන ලෙස  ජනාධිපතිවරයා ජාත්‍යන්තර සහය ඉල්ලා තිබේ.  

එරට වෙබ් අඩවියක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල් ෂබාබ් කැරලිකරුවන් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බවයි. 

එක් බෝම්බයක් පිපිරී මිනිත්තු කිහිපයකට පසු අනෙක් බෝම්බය පිපිරී ගොස් ඇති අතර පිපිරීම්වලින් වාහන මෙන්ම ගොඩනැගිලි ද විනාශ වී ඇතැයි, වාර්තා වේ.