කැබිතිගොල්ලෑවේ උණුසුම් තත්ත්වයක්

වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මිය යෑමෙන් කැබිතිගොල්ලෑව උණුසුම්: තත්ත්වය පාලනයට පොලීසියෙන් අහසට වෙඩි

by Chathurika Jayasundara 31-10-2022 | 11:32 PM

COLOMBO (News 1st) - කැබිතිගොල්ලෑව, රඹකැපූ වැව මන්සන්ධියේ පැවති විරෝධතාවක් පාලනය කිරීමට පොලීසිය වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ප්‍රදේශවාසීන් පිරිසක් අද රාත්‍රියේ විරෝධතාවක නිරතවී තිබුණේ ප්‍රදේශයේ පුද්ගලයකු වන අලි ප්‍රහාරයකට ගොඳුරු වීමෙන් අනතුරුවයි.

අද පස්වරුවේ ප්‍රදේශයේ අයෙක් වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබුණි.

පසුව අදාළ ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණී අවස්ථාවේදී ඔවුන්ට ප්‍රදේශවාසීන් පහරදුන් බව පොලීසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එම ස්ථානයට ගිය කැබිතිගොල්ලෑව පොලීසියේ කොස්තාපල්වරයෙකුට පිරිසක් මුගුරකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවය.

අදාළ පොලිස් නිලධාරියා බේරාගැනීමට සහ ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට  අහසට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පසුව තුවාල ලැබූ නිලධාරියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.