මැචු ගඟේ ඛේදවාචකය : මියගිය ගණන 141ක් දක්වා ඉහළට

මැචු ගඟේ ඛේදවාචකය : මියගිය ගණන 141ක් දක්වා ඉහළට

by Staff writer 31-10-2022 | 1:15 PM

COLOMBO (News 1st) – ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන්  මිය ගිය පිරිස 141 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිද්ධියෙන් සිය දෙනෙකුට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 177 දෙනෙකු පමණ බේරාගත් බවයි. 

ගුජරාට් ප්‍රාන්තයේ මැචු ගඟට පාලම කඩා වැටෙන අවස්ථාව වන විට  පුද්ගලයින් 500 ක් පමණ සිට තිබේ. 

විදෙස් මාධය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය යුගයට අයත් කේබල් පාලමක් වන මෙය මීට වසර 150 කට පමණ පෙර ඉදිකරන ලද්දක් බවයි.

සංචාරකයින්ගේ වැඩි අවධානයක් හිමිකරගත් මෙම පාලමට ඇතුළු වීමට එක් අයෙකුගෙන් අය කරගන්නා මුදල ඉන්දියානු රැපියල් 17 කි. 

ප්‍රතිසංස්කරණය සඳහා මාස 7 ක කාලයක් වසා දමා තිබූ පාලම , යළි විවෘත කර දින 4 කට පසු මෙම ඛේදජනක සිදු වීම සිදු විය. 

පළාත් පාලන ආයතන ප්‍රධානීයා පවසන්නේ පැරණි පාලම ප්‍රතිසංස්කරණය කර එය නැවත විවෘත කිරීමට පෙර ආරක්ෂිත සහතිකයක් ගෙන නොතිබූ බවයි.