.webp)
COLOMBO (News 1st) – අද (31) උදෑසන හික්කඩුව, තිරාණගමදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදි මිය ගොස් ඇති තුවාලකරුවන් අවුරුදු 26 හා 47 වයස්වල පසුවන කළුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති මොවුන් දෙදෙනා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් බව ද පොලීසිය පැවසී ය.
වෙඩි තැබීම සඳහා සැකකරුවන් යතුරු පැදියකින් පැමිණෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.