පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළට

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළට

by Staff writer 31-10-2022 | 3:04 PM

COLOMBO (News 1st) - අද(31) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල පහළ දැමීමට  සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 450 පාන් ‌ගෙඩියට මිල රුපියල් 10කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ ය.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, තිරිඟු පිටි මිල පහළ යාමට සාපේක්ෂව මෙම  තීරණය ගත් බවයි.