.webp)

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 42කින් ජය ගැනීමට අද(31) සමත් විය.
ලකුණු 180ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි, අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණි.
බ්‍රිස්බන් පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්, සත්කාරක ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කළේ ය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන්, නායක ඒරන් ෆින්ච් සහ මිචෙල් මාෂ් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 52කි.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ෆින්ච් පන්දු 44කින් ලකුණු 63යි.
බැරී මකාති කඩුලු 3ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි, අයර්ලන්ත පළමු කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 25කදීය.
මිචෙල් මාෂ් අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 2 තමාගේ නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් විය.
නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 6කට දැවී ගිය අතර පෝල් ස්ටර්ලින් ලකුණු 11යි.
කර්ටිස් කැම්පර් සහ ජෝර්ජ් ඩොක්රල්ට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැත.
