සිසුවෙකුට වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයක

සිසුවෙකුට වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයකට - ජාතික ළමාරක්ෂක අධිකාරිය

by Staff writer 30-10-2022 | 9:54 AM

COLOMBO (News 1st)- මාතර, තිහගොඩදී පාසල් සිසුවෙකුට පොලීසියෙන් වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයකට ලක් කරන බව, ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා සිය අධිකාරියට අනුයුක්ත පොලිස් නිලධාරීන් යොමු කර ඇති බවයි.

මේ අතර අදාළ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මූලික විමර්ශන වාර්තාවක් සකස් කර තිබේ.

ඒ, ඊයේ(29) මානව හිමිකම් කොමිසමේ නිලධාරින් සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුවයි.

අදාළ සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මේ අතර වෙඩි තැබීම සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා ලබන දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ඒ, ඊයේ පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.