බංග්ලාදේශයට ලකුණු 3ක තියුණු ජයක්

සිම්බාබ්වේට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 3ක තියුණු ජයක්

by Staff writer 30-10-2022 | 2:52 PM

COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය බංග්ලාදේශය ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළේය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 150ක් රැස් කළේ ය.

නජ්මුල් හොසේන් පන්දු 55කදී ලකුණු 71යි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන්, රිචඩ් එන්ගරාවා සහ බ්ලෙසින් මුසරබානි කඩුලු 2 බැගින් බිඳ හෙලුවේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 147 ක් පමණි.

හුදකලා සටනක නිරත වූ ෂෝන් විලියම්ස් පන්දු 42කදී ලකුණු 64 ක් රැස් කළේ ය.

ටස්කින් අහමඩ් කඩුලු 3යි.

අවසන් පන්දුවට ලකුණු 4ක් අවශ්‍ය වී තිබූ නමුත් ඒ අවස්ථාවේ එම අන්තයේ සිටි බ්ලෙසින් මුසරබානිට එම ලකුණ ලබා ගැනීම හැකි වූයේ නැත.