.webp)

COLOMBO (News 1st) - විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, ඒ යටතේ දැනට උග්‍ර වාහන හිඟයකට මුහුණ පා ඇති පොලීසිය ඇතුළු දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කරන බවයි.
ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
