.webp)
COLOMBO (News 1st) - මන්ත්‍රී නිල නිවාස අවභාවිත කිරීම පිළිබඳව වහාම සොයා බලන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කතානායකවරයා සඳහන් කළේ, මාලඹේ මන්ත්‍රී නිවාස සංකිර්ණයේ ඇතැම් නිල නිවාස අවභාවිතයට ලක්ව ඇති බවට විවිධ පාර්ශ්වවලින් නිරන්තරයෙන් පැමිණිලි ඉදිරිපත් වන බවය.
ඇතැම් මන්ත්‍රී නිල නිවාසවල දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින බවට පැමිණිලි ලැබී තිබේ.
ඇතැම් පැමිණිලිවල සඳහන්ව ඇත්තේ මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති ඇතැම් නිල නිවාසවල කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂකයින් රැඳී සිටින බවය.
නිරත වාර්තාවන එවැනි පැමිණිලි සැළකිල්ලට ගෙන, වහාම ඒ පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කරන්නැයි වගකිවයුතු නිලධාරින්ට උපදෙස් දුන් බව කතානායකවරයා පවසයි.
නිදන කාමර 03 ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, සේවක වැසිකිළියක් සහ වාහන නවතා තැබීමේ ඉඩ පහසුකම් සහිත මන්ත්‍රී නිල නිවාසයක වපසරිය වර්ග අඩි 900 කි.
කුලී පදනමින් මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන නිවාස ඒකක 120 කින් මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණය සමන්විතය.