T20 ලෝක කුසලානයේ අද තරග 3ක්

බංග්ලාදේශය - සිම්බාබ්වේ, නෙදර්ලන්තය - පකිස්ථානය, ඉන්දියාව - දකුණු අප්‍රිකාව අද T20 ලෝක කුසලානයේ තරග බිමට..

by Staff writer 30-10-2022 | 7:19 AM

COLOMBO (News 1st) - 2022 20යි 20යි ලෝක කුසලාන තරගාවලියේ දෙවන කාණ්ඩයට අයත් තරග 3ක් අද (30) දිනයේ පැවැත්වීමට නියමිතය.

ඒ අනුව දෙවන කාණ්ඩයේ කණ්ඩායම් 6ම අද දින තරග බිමට පිවිසෙනු ඇත.

අද දිනයට නියමිති පළමු තරගය ලෙස බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරගය බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයේදී උදෑසන 8.30ට  පැවැත්වීමට නියමිතය.

දෙවන තරගය ලෙස පකිස්ථානය සහ නෙදර්ලන්තය තරග බිමට පිවිසෙනු  ඇති.

මෙම තරගය පකිස්ථාන කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගයකි.

සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියට පැමිණීමටනම්, මෙම තරගය ජය ගැනීමට පකිස්ථානයට අනිවාර්ය වේ. 

අද දිනයට නියමිත අවසාන තරගය ලෙස ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව පර්ත්හිදී තරග බිමට පිවිසෙනු ඇති.