.webp)
COLOMBO (News 1st) - ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පරික්ෂා කිරීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ, පාර්ලිමේන්තුවෙන් යොමුකර ඇති මන්ත්‍රීවරුන්ගේ උපන්දින , නම සහ ජාතික හැඳුනුම්පත් අංක සහිත ලේඛනයක් පදනම් කරගන අදාල විමර්ශනය සිදුකෙරෙන බවය.
සිය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව විසින් අදාළ ලේඛනය යොමු කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසියභාවය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රී ධුරයක් දැරීම සඳහා ඔවුන්ට ඇති සුදුසුකම් පරික්ෂා කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නොව මැතිවරණ කොමිසමට බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ය.
ඒ පිළිබඳව නිව්ස්ෆස්ට් මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළ අතර, එහිදී මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉවත් කිරීමේ බලයක් මැතිවරණ කොමිසමට නොමැති බැවින්, එය අධිකරණය ක්‍රියාවලියක් මගින් පමණක් සිදු කළ යුතු බවය.
ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමට නොහැකි වන වගන්තිය ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.