සෝල් නුවර තෙරපීමෙන් ලාංකිකයෙකුත් මරුට

දකුණු කොරියාවේ සෝල් නුවර තෙරපීමෙන් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙක්..

by Staff writer 30-10-2022 | 10:53 AM

COLOMBO (News 1st) - දකුණු කොරියාවේ, සෝල් නුවර උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇත.

නිවුස්ෆස්ට් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්රි මහතා සඳහන් කළේ, 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවය.

අදාළ සිදුවීමෙන් තවත් ලාංකිකයින්ට බලපෑමක් සිදුව ඇද්දැයි සෙවීම සඳහා සෝල් නුවර පොලීසීයට සහ රෝහල් වෙත නියෝජිතයින් යොමුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා වැඩිදුර තොරතුරු සොයාබලමින් සිටින බවය.