ඉන්දියාවේ පාලමක් කඩා වැටී 35ක් මරුට..

ඉන්දියාවේ පාලමක් ගඟකට කඩා වැටී 35ක් මරුට..

by Staff writer 30-10-2022 | 9:26 PM
COLOMBO (News 1st) – ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධය වාර්තා කළේ, පාලම කඩා වැටෙන අවස්ථාව වනවිට පුද්ගලයින් 400 ක් පමණ පාලම මත සිට ඇති බවයි . අදාල පාලම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත ජනතාව සඳහා විවෘත කර ඇත්තේ මින් දින 4කට පෙරයි. එවැනි පසුබිමක් තුළ මෙවැන්නක් සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව සෙවීමට විමර්ශන ආරම්භ කර තිබේ. ගලවා ගැනීමේ අංශ සැක පළ කරන්නේ, බොහෝ පිරිසක් තවමත් ජලයේ සිරවී ඇති බවය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිද්ධියෙන් මියගිය පිරිසට සිය ශෝකය පළ කළේ ය.