ඉන්දියාවට එරෙහිව ද. අප්‍රිකාවට විශිෂ්ට ජයක්

ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක්

by Staff writer 30-10-2022 | 9:23 PM

COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමිවිය. 

පර්ත්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් පෙල කඩුලු 5 ලකුණු 49කදී බිඳ වැටුණි.  

නායක රෝහිත් ශර්මා ලකුණු 15කි. 

ලෝකේශ් රාහුල් ලකුණු 9කට දැවී ගිය අතර විරාත් කෝලි ලකුණු 12කට පිටියෙන් ඉවත් විය. 

ඉන්දීය පිතිකරුවන් රැසක් අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වෙද්දී හුදකලා සටනක නිරත වූ සූර්ය කුමාර් යාදෙව් ලකුණු 68ක් රැස් කළේ පන්දු 40කින් ය.

4 පහර 6ක් සහ 6 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. 

ලුන්ගි එන්ගීඩි කඩුලු 4යි.

පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 9කට ලකුණු 133ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකාවේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 24කදී ය.

එයිඩන් මාක්‍රම් සමග එක් වූ ඩේවිඩ් මිලර් දකුණු අප්‍රිකා ඉනිම ගොඩනැගුවේ ය.

මාක්‍රම් පන්දු 41කින් ලකුණු 52කි.

මිලර් පන්දු 46කින් නොදැවී ලකුණු 59ක් රැස් කළේ ය.

දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී සිටියදී ය.