අද සිට වැසි තත්ත්වයේ යළි වැඩි වීමක් ..

අද සිට වැසි තත්ත්වයේ යළි වැඩි වීමක් ..

by Staff writer 30-10-2022 | 12:26 PM

COLOMBO (News 1st) - අද(30) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ශ්‍රී ලංකාව ආසන්නේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි.

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවිය හැකි වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.