ෆයිසර් මාත්‍රා මිලියනයක් සඳුදා කල් ඉකුත් වෙයි

ෆයිසර් මාත්‍රා මිලියනයකට අධික සංඛ්‍යාවක් ලබන සඳුදා කල් ඉකුත් වෙයි

by Staff writer 29-10-2022 | 12:00 PM

COLOMBO (News 1st) - මෙරට සතු ෆයිසර් මාත්‍රා තොගය කල් ඉකුත් වූ පසු නිසි පරිදි බැහැර කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, මෙරට පවතින ෆයිසර් මාත්‍රා මිලියනයකට අධික සංඛ්‍යාවක් ලබන සඳුදා කල් ඉකුත්වීමට නියමිත බවය.