රාජ්‍ය සේවකයින්ට KPI

රාජ්‍ය සේවකයින්ගේ කාර්ය සාධනය මැනීමට KPI

by Staff writer 29-10-2022 | 9:36 AM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීම සඳහා KPI දර්ශකය හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුව කර තිබේ.

අදාළ අනුකමිටුව එම තීරණය ගෙන ඇත්තේ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.

රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය සඳහා මිනුම් දඩු සකස් කිරීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කර තිබේ.

පරිපාලන සේවය ඇතුළු අනෙකුත් දීපව්‍යාප්ත සියලු සේවාවන් එක්වී මේ පිළිබඳව ඉදිරි සතියේ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු ඇරඹීමට ද නියමිතයි.

එම රැස්වීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.