.webp)
ඒ අනුව අද (29) දිනයේ මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමක් එම ස්ථානයට යාමට නියමිතය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, අදාළ සිසුවා ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයකට ද යොමු කළ බවය.
තිහගොඩ ප්‍රදේශයේදී ඊයේ (28) පස්වරුවේ වෙඩි වැදීමකින් 15 හැවිරිදි සිසුවෙකු තුවාල ලබුවේ ය.
පොලිසීය පැවසුවේ, පොලිස් නිලධාරීයෙකු සමග පොර බැදීමේදී නිලධාරීයා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් සිසුවා තුවාල ලබා ඇති බවයි.
මෙම සිද්ධියට අදාළව 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වැඩ තහනම් ද කර තිබේ.