'නාල්ගේ' පිලිපීනයට කඩා වදී

'නාල්ගේ' සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී

by Staff writer 29-10-2022 | 7:19 AM

News 1st - 'නාල්ගේ' සුළි කුණාටුව නැගෙනහිර කැටන්ඩුවාන්ස් පළාතෙන් පිලිපීනයට කඩාවැදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (29) අලුයම පැයට කිලෝමීටර් 160 වේගයකින් සුළි කුණාටුව කඩා වැදුණු බවයි.

කුණාටුවත් සමග ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ පිලිපීනයේ දකුණු ප්‍රදේශයෙනි.

එම සංඛ්‍යාව 67 කි. 

අපදාවන්ගෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 33ක් වන අතර තවත් පුද්ගලයින් 14ක් අතුරුදන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

කුණාටුව ලුසොන් දූපත හරහා දකුණු චීන මුහුද දෙසට ගමන් කරනු ඇතැයි එරට කාලගුණ අංශ පුරෝකතනය කර ඇත.