සිසුවෙකුට වෙඩි වැදීම: SI ගේ වැඩ තහනම්

මාතරදී සිසුවෙකුට වෙඩි වැදීම: SI ගේ වැඩ තහනම්

by Staff writer 28-10-2022 | 9:41 PM

COLOMBO (News 1st) - මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේ අද (28) පස්වරුවේ සිදු වූ වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ අදාල උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි. 

අද පස්වරුවේ මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේ වෙඩි වැදීමකින් 15 හැවිදිරි පාසල් සිසුවෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණි. 

පොලීසිය ප්‍රකාශ කළේ, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද පස්වරුවේ සැකකටයුතු පිරිසක් පරීක්ෂා කිරීමට යාමේදී ඇති වූ සිද්ධියකදී වෙඩි වැදීමකින් එම දරුවා තුවාල ලබා ඇති බවය. 

මෙම සිද්ධියෙන් අනතුරුව තිහගොඩ පොලිස් ස්ථානය අසළ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව අප වාර්තාකරු පැවසුවේ ය.

ඒ සිද්ධියට විරෝධය පළ කරමින් පිරිසක් පොලිස් ස්ථානයට රැස්වීම හේතුවෙනි.