.webp)
පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරියෙකු සමග පොර බැදීමේදී නිලධාරීයා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් එම සිසුවා තුවාල ලබා ඇති බවයි.
තිහගොඩ, නාඉඹුල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට යාමේදී ඒතුළ සිටි තුන්දෙනෙකු දිවගොස් ඇති අතර දෙදෙනෙකු පොලිස් භාරයේ සිටියදී එක් අයෙකු පොලිස් නිලධාරියෙකු සමග පොරබදා තිබේ.
එහිදී මෙම වෙඩි වැදීම සිදුව ඇතැයි පොලීසිය පැවසුවේ ය.
තුවාල ලැබූ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත් බව ද පොලීසිය පැවසීය.